"'දිවි නැගුම' වැඩසටහන යටතේ බෙදා දෙන ලද බීජවලින් සියයට අනූවක්ම ඵල හට නොගන්නා පුස් ඇට බවත්, ඒ නිසා දිවි නැගුම ඇට ප්‍රතිලාභීන් නිකරුනේ තමන්ගේ කාලය සහ ශ්‍රමය නාස්ති නොකර එම පුස් බීජ පැල කිරීම අතහැර දමා ඇති බවත්" එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. ඉකුත් දා ගාල්ලේ පැවති ගෙයින් ගෙට ගොස් පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ 'දොරින් දොර' වැඩසටහනක දී තමන්ට මුණගැසුණු 'දිවිනගුම' බීජ පැකට් ප්‍රතිලාභීන් 'පුස් ඇට' පිළිබඳව තමන්ට කරුණු පෙන්වා දුන් බව ඊයේ (05)පැවති මාධ්‍ය හමුවක දී අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
තව දුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා මෙසේද පැවසීය.
"ආණ්ඩුව දැන් අග විනිසුරුවරියක් බිල්ලට දීලා ‘දිවි නැගුම’ක්‍රියාත්මක කරන්න හදනවා. මට දැනගන්න ලැබුනා දිවි නැගුම යටතේ වගා කරන්න බීජ එහෙම නැත්නම් ඇට වර්ග බෙදා දෙනවා කියලා. මෙන්න ඒ බෙදන පැකට් එකක්. හැබැයි ආණ්ඩුව මේ බෙදන ඇට වලින් සියයට අනූවක්ම පැල වෙන්නේ නැහැ. මම කියන්නේ බොරු නම් ගම් වලට ගිහින් අහලා බලන්න. පටන්ගන්න කොටම දිවිනගුමේ ඇට පැලවෙන්නේ නැත්නම් මොකක්ද මේ වෙන්න යන්නේ? පටන් ගන්න කොටම දිවි නැගුමේ ඇට පුස්. ඇටපුස් දිවි නැගුමට දෙවියන්ගේම පිහිටයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ."
(එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ නිවේදනය)
2 comments:
Western Stud These cowboys are able to get wild 우리카지노 in the west
Nice blog here! Also your site loads up fast! What host are you using?
Can I get your affiliate link to your host?
I wish my website loaded up as quickly as yours lol
토토사이트
Post a Comment