Wednesday, February 6, 2013

'දිවි නැගුම' බෙදූ ඇට පුස්! - තිස්ස අත්තනායක



"'දිවි නැගුම' වැඩසටහන යටතේ බෙදා දෙන ලද බීජවලින් සියයට අනූවක්ම ඵල හට නොගන්නා පුස්  ඇට බවත්, නිසා දිවි නැගුම ඇට ප්‍රතිලාභීන් නිකරුනේ තමන්ගේ කාලය සහ ශ්‍රමය නාස්ති නොකර එම පුස්  බීජ පැල කිරීම අතහැර දමා ඇති බවත්" එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. ඉකුත් දා ගාල්ලේ පැවති ගෙයින් ගෙට ගොස් පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ 'දොරින් දොර' වැඩසටහනක දී තමන්ට මුණගැසුණු 'දිවිනගුම' බීජ පැකට් ප්‍රතිලාභීන් 'පුස් ඇට' පිළිබඳව තමන්ට කරුණු පෙන්වා දුන් බව ඊයේ (05)පැවති මාධ්‍ය හමුවක දී අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
 
තව දුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා මෙසේද පැවසීය.

"ආණ්ඩුව දැන් අග විනිසුරුවරියක් බිල්ලට දීලා දිවි නැගුමක්‍රියාත්මක කරන්න හදනවා. මට දැනගන්න ලැබුනා දිවි නැගුම යටතේ වගා කරන්න බීජ එහෙම නැත්නම් ඇට වර්ග බෙදා දෙනවා කියලා. මෙන්න බෙදන පැකට් එකක්. හැබැයි ආණ්ඩුව මේ බෙදන  ඇට වලින් සියයට අනූවක්ම පැල වෙන්නේ නැහැ. මම කියන්නේ බොරු නම් ගම් වලට ගිහින් අහලා බලන්න. පටන්ගන්න කොටම දිවිනගුමේ ඇට පැලවෙන්නේ නැත්නම් මොකක්ද මේ වෙන්න යන්නේ? පටන් ගන්න කොටම දිවි නැගුමේ ඇට පුස්. ඇටපුස් දිවි නැගුමට දෙවියන්ගේම පිහිටයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ."

" වගේම මේ බීජ මිල දී අරගෙන තියෙන්නේ පුද්ගලික සමාගමකින්. මහජන මුදලින් නඩත්තු වෙන කෘෂිකර්ම ඇමතිවරු කීයක් අපට ඉන්නවදකෘෂිකර්ම දෙපාර්තමේන්තු කීයක් අපට තියෙනවද? එහෙම තියා ගෙන මොකටද මේ බීජ පුද්ගලික සමාගම් වලින් සල්ලි දීලා ගන්නේ? මේ ඇට පැකට් එකේ ගහලා තියෙනවා පවුල් ආර්ථිකය නගා හිටුවන්න තමයි 'දිවි නැගුම' කරන්නේ කියලා. පුද්ගලික සමාගම් වලින් මේ විදියට පුස් ඇට බෙදා දෙන කොට 'දිවි නැගුමෙන්' නගා හිටුවෙන්නේ කාගේ පවුලේ ආර්ථිකයද යන්න ඉතා පැහැදිලි වෙන බව" තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



(එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ නිවේදනය)

Friday, February 1, 2013

අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා Minister mervin silva voice cut 2013-01-20

අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ජනතාව ඇමතූ අවස්ථාව. (සංස්කරණය නොකල හඬ පටයකි)

Minister mervin silva voice cut 2013-01-20 by Sri Lanka News Minister mervin silva voice cut 2013-01-20

අපි අළුත් වුනා



අද සිට සෑම දිනකම නිකුත් වන සියලුම මාධ්‍ය නිවේදන, හඩ පටි සහ වීඩියෝ පට අපගේ බ්ලොග් අඩවිය තුලින් ප්‍රචාරය කිරීමට අප තීරණය කළ අතර ඒවා කිසිදු අයුරකින් හෝ සංස්කරණයකට ලක් නොකර ඇති බව සදහන් කළ යුතුවේ.

අපගේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න  ----> ශ්‍රී ලංකා නිව්ස්

Wednesday, December 19, 2012

මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි




පවතින අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් විපතට පත් අසරණ ශ්‍රී ලාංකීය ස‍‍හෝදර ජනතාවට පිහිට වීමට සැබෑ මාධ්‍යවේදි‍යෙකුගේ වගකීම දැන නිරතුරු ඔබ වෙනුවෙන් කැපවී සිටින අප සූදානම්. 

විපතට පත් ප්‍රදේශ වෙත ගොස් අසරණ ජනතාව වෙත වියලි ආහාර හා ඒ අවශ්‍ය අනෙකුත් ආහාර සැපයීමට ශ්‍රී ලංකා නිවුස් කාර්යමණ්ඩලය තීරණය කර ඇති අතර අපත් සමග තවත් සයිබර් අවකාශයේ සැරිසරණ කිහිප දෙනෙකුම එක්වී ඇත. සහෝදරත්වයේ දෑත් දිගුකලයුතු මේ මොහොතේ ඔබටද අපත් සමග එක්විය හැක. 

ඒ සදහා ඔබ කල යුත්තේ අප වෙත ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ආධාර ලබාදීමයි. වැඩි විස්තර ඉදිරි කාලය තුලදී ශ්‍රී ලංකා නිවුස් ෆේස්බුක් මිතුරු පිටු‍වෙන් ඔබ වෙත ගෙන එනු ඇත.
මේ සදහා ඔබ තුල යම් උනන්දුවක් තිබේනම් අප අමතන්න.
 
තරිඳු - 0716372129
සුපුන් - 0755473582

you can donate to this bank account
Bank Name: NSB
A/C Number:1-0080-80-4797-9
K.P.B.Deshani




ශ්‍රී ලංකා නිවුස් මිතුරු හවුල ශ්‍රී ලංකා නිවුස් වෙබ් අඩවිය 

Paramedics on strike today



Paramedics have commenced a 48-hour island wide token strike from 8 am today (Dec 18.) 5000 pharmacists, radiologists, physiotherapists and medical research technicians have joined the strike.

Read more -->

අධික වර්ෂාවෙන් 16 මියගොස් 14 අතුරුදන්


අවතැන් පුද්ගලයන් 9696 දෙනා කඳවුරු 47 කට

ශ‍්‍රී ලංකාවට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 16 මියගොස්, 33 තුවාල ලබා තවත් 14 දෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා අද (19) පැවැසීය.

SriLankan Cargo appoints Expolanka Freight (Pvt) Ltd as its Cargo authorised Agent in Galle




SriLankan Airlines Cargo in a bid to make available their services at regional level appointed Expolanka Freight (Pvt) Ltd as their new Cargo Authorized Agent in Galle.  Accordingly new office was jointly declared open at a simple ceremony held recently under the patronage of Director/CEO of Expolanka Freight (Pvt) Limited Jagath Pathirane,and Senior Manager Cargo (Worldwide Sales & Marketing) SriLankan Airlines, Mr Ali Kamil.

Read more -->

2012-12-12





ජනප‍්‍රිය සහ ප‍්‍රසිද්ධ වචන දෙකකි. මගේ අදහස 2012 ප‍්‍රසිද්ධ වසරකි. එහෙත් ජනප‍්‍රිය නම් නැත. ඊට හේතුව ජනතාවට 2012 ප‍්‍රිය උපදවන්නේ නැත. එහෙත් වසර දෙදහස් ෙදාළහක් ගතවන දින දර්ශනයේ වඩාත් ප‍්‍රසිද්ධ වසරට හිමි සම්මානය දිනා ගැනීමට ඇත්නම් 2012 ඊට නොපැකිළිව තරග කළ යුතුය.

මායාවරු 2012 න් පසු කැලැන්ඩරය අලූත් නොකළ නිසා අද ලෝකයම 2013 ගැන බලන්නේ වපර ඇසිණි. හැමෝටම ඇත්තේ ලෝක විනාශය සිදුවේද නොවේද සැකයකි. 2012 පමණක් නොව මේ ගෙවී යන දෙසැම්බර මාසය තරම් ආන්දෝලාත්මක වූ තවත් මාසයක් මීට පෙර මේ මිහිපිට තිබී නැතුවාටද සැක නැත.

එ් නිසා වසර 2012 කට වඩාත් ප‍්‍රසිද්ධියට හා ජනතා අවධානය දිනූ දෙසැම්බරය මෙයයැයි මට මොහොතකට සිතෙයි. එය තහවුරු කිරීමට ඔබට දැනෙන හේතු කිහිපයක්ම මටද කල්පනා විය. 2012-12-12 උදාවීමට මිනිත්තු 12 කට පෙර මෙය ලියා තැබිය යුතු බව සිත්වූයේ එ් නිසාය.


තව කියවන්න -->

සරත් කොතලාවලගේ "නරි බුරති" 23 දා


තව කියවන්න -->

Tuesday, December 18, 2012



පන්දුව පළුදු කළ බවට සාක්ෂි නැහැ- තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් කියයි

ශී‍්‍ර ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව අතර හෝබාර්ට්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පීටර් සිඞ්ල්ස් විසින් පන්දුව පළුදු කරමින් අතිරේක දෝලනයක් ලබාගැනීමට කටයුතු කළ බවට එල්ලවී ඇති චෝදනාව සාවද්‍ය බැව් තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් පවසා තිබේ. ‘අපට ඒ සඳහා අවශ්‍ය කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නෑ. ඡායාරුප සාක්ෂි, වීඩියෝ පට මේ සඳහා අවශ්‍යයි.

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...